ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස අලෙවි නියෝජිතවරුන්ට දැනුම් දෙයි

Friday, 06 September 2019 - 13:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50කින් වැඩි කරන ලෙස ප්‍රී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරිය ද ප්‍රකාශ කළේ මෙම මිල වැඩිවීම පිළිබඳව තමන්ට ද වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, තම අවසරයකින් තොරව මිල වැඩි කිරීම පිළිබදව වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.

මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් මගින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ  උපරිම මිලක් නියම කර ඇති තිරිඟු පිටි සඳහා මිල වැඩි කිරීමට කටයුතු කිරීම පාරිභෝගික කටයුතු අධිකාරී පනතට අනුව නීති විරෝධී බවයි.