අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි

Friday, 06 September 2019 - 15:54

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමුකළ යුතු ලිපි ලේඛන වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අත්සන් තබා තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000 කින් පමණ යුතු ලිපි ලේඛණ සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතුව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යයැයි දන්වා ඇති එම සියලූ ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා එම ලිපි ලේඛන සහතික කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එම ලේඛණ සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇති.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ, ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බව සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.