නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ, 8 වන වරටත් හමුවේ - ගෝඨාභයත් පැමිණෙයි

Friday, 06 September 2019 - 17:24

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%2C+8+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව සන්ධානයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 8 වන සාකච්ඡාඡාව අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට දන්වා යවා ඇති පසුබිමකයි.

සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද එක්ව සිටීම විශේෂත්වයක්.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම්, දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අද පැවති සාකච්ඡාවට එක්ව සිටියේ එහි සභාපති ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමයි.