යළිත් රනිල් - සජිත් සාකච්ඡාවක් - කිරිඇල්ල කබීර්ට දෙහි කපයි

Friday, 06 September 2019 - 19:19

%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර, තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය ඇතුළතදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

අද උදෑසන පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බවයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍යවරයා සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර, ඉදිරි ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුවුණා.

අද පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය හෝ පෙරමුණ මේ දක්වා ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර නොමැති පසුබිමක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට අමාත්‍ය කබීර් හෂීම් සිදුකරන ප්‍රකාශ පක්ෂයේ සභාපතිවරයා ලෙස වැරදි ක්‍රියාවක් බව මෙහිදී කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඒ පිළිබඳව කබීර් හෂීම් අමාත්‍යවරයා ද අදහස් පළ කර ඇති අතර, සාකච්ඡාව අවසන් වීමට පෙර ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.