ජනපති අත්සන් තැබූ, අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන එන, ලිපිගොනු විදේශ අමාත්‍යාංශයට

Saturday, 07 September 2019 - 7:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%2C+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
මහබැංකු බැඳුම්කර වංචා නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබූ සිංගප්පූරු රජය වෙත යොමුකළ යුතු ලිපි ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යයැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා එම ලිපි ලේඛන සහතික කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඉන්පසු අදාළ ලිපි ලේඛන ඉදිරි කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අනතුරුව ඒවා සිංගප්පූරුවේ අදාළ අංශ වෙත යොමුකරනු ඇති. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් පිටු 21,000 කින් පමණ යුතු ලිපි ලේඛණ පසුගියදා ගොනුකර තිබුණා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ, ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.