ජයග්‍රහණයට ගැටලූවක් නොමැති බව විපක්ෂ නායකවරයා කියයි

Saturday, 07 September 2019 - 18:45

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වෙනත් රටකට වහල්කම් සිදු කරන ආණ්ඩුවක් රටකට අනවශ්‍ය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහජන එක්සත් පෙරමුණේ විශේෂ සමුළුවකට අවිස්සාවේල්ලේදී අද එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුව ද ගැටලූවක් නොවන බවයි.

සමුළුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එහිදී අදහස් පළ කරමින් කියා සිටියේ සාමය ඇති කිරීම සදහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වන බවයි.