පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම්කාරක සභාව ජනපතිගෙන් සාක්ෂි ගන්නා දිනය තීන්දු කරයි

Sunday, 08 September 2019 - 6:37

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ජනාධිපතිවරයා ලබන 20 වනදා සාක්ෂි ලබාදීමට නියමිත බව එම කමිටුවේ නියෝජිතයින් ප්‍රකාශ කළා.

ඒ අනුව, තේරීම්කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.

ඒ සඳහා නිශ්චිත ස්ථානයක් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙනු ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය කාලයේ මෙම තේරීම් කාරක සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ඇතුළු පිරිසකගෙන් සාක්ෂි ලබා ගෙන තිබුණා.  

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව සති දෙකක කාලයකදී එහි වාර්තාව නිකුත් කිරීමට නියමිත බවයි තේරීම්කාරක සභාවේ සාමාජිකයෙකු සඳහන් කළේ.

එය භාෂා තුනෙන්ම නිකුත් කිරීමට නියමිත අතර, පසුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

එහිදී අවශ්‍ය නම් ඒ පිළිබඳව විවාද කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට හැකියාව පවතින බවයි එම සාමාජිකයා තවදුරටත් ප්‍රකාශ කළේ.