අර්බුද මැද සජිත් පිල තවත් රැස්වීම් 4 කට සූදානම්

Sunday, 08 September 2019 - 8:37

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලි මාලාවේ මීළඟ ජනරැලි මාතලේ, පුත්තලම, රත්නපුර සහ මොණරාගල නගරවල පැවැත්වීමට එම පාර්ශවය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුකරන තුරු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හෝ රැස්වීම් පැවැත්වීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් තීරණයක් ගෙන ඇති පසුබිමකයි මෙම ජනරැලි පැවැත්වෙන්නේ.

මීට පෙර බදුල්ල, මාතර සහ කුරුණෑගල නගරවල අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනරැලි පවත්වනු ලැබුවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර අනිද්දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා සිය තීරණය පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.