ඇල්පිටියේ පුංචි ඡන්දයට කෝටි එකහමාරක්

Sunday, 08 September 2019 - 8:41

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ මස 13 වැනිදාට පෙර තැපැල් ඡුන්ද අයදුම්පත් දිස්ත්‍රික් ලේකම්වරයාට ලැබීමට සලස්වන ලෙසයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක කියා සිටියේ.  

ඒ සඳහා වන මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සිදුකළ නිර්දේශයකට අනුව ඒ සඳහා අනුමැතිය ලබාදුන් බවයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් නිශාන්ත වීරසිංහ කියා සිටියේ.