ගුරු - විදුහල්පති සහ හෙද හෙදියන් වර්ජනයකට සැරසේ

Sunday, 08 September 2019 - 19:14

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් දිවයින පුරා සියලු රෝහල්වල පැය 04ක සංකේත වර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසනවා.

එහි සභාපති ගාමිණී කුමාරසිංහ ප්‍රකාශ කළේ ලබන 10 වනදා උදෑසන 08 සිට මධ්‍යහ්න 12 දක්වා වර්ජනය සිදුකරන බවයි.

සේවක හිඟය පියවීම, ස්ථාන මාරුවීම්, උසස්වීම් දීමනා, පුහුණුවීම් පිළිබඳ ගැටලු විසදා ගැනීම ඇතුළු ඉල්ලීම් ඒ අතර වන බවයි ඔහු සඳහන් කළේ.

වර්ජනය පැවැත්වෙන අතරතුර කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහරෝහල ඇතුලු දිවයින පුරා ඇති රෝහල් 30ක ද වර්ජනයට සමගාවීව උද්ඝෝෂණ පැවත්වීමට සැලසුම් කර ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප්, උසස්වීම් ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ලබන 26 සහ 27 යන දෙදින තුල සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවිමට ගුරු විදහල්පති සංගමය තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති 31 ක් එකාබද්ධව කොළඹ අද පැවැත්වූ සමුළුවේදියි.