මහමඟ කසල දැමූ, පොලිස් නිලධාරියෙකු සොයා පොලීසියෙන් විමර්ශන

Monday, 09 September 2019 - 7:17

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
නාවලපිටිය - දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසල බෑගයක් දමා යාමේ සිද්ධියකට අදාළව ආපනශාලා හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපත්තු පාලම අසළ දමා ගොස් තිබූ කසල බෑගය ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂාවට ලක් කර ඒ පිළිබද නාවලපිටිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලට අනුවයි ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කසල බෑගයේ තිබූ දුරකථන අංක සහිත බිල්පත්වලින් අනාවරණ කර ගත් තොරතුරු මත ආපනශාලා හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ආපනශාලා හිමිකරු විසින් පෙර දින රාත්‍රියේ ආපනශාලාවට පැමිණි ඔහුගේ හිතවතෙකු වන පොලිස් කොස්තාපල්වරයෙකුට සහ ත්‍රිරෝද රථ රියදුරෙකුට මෙම කසල බෑගය රැගෙන ගොස් වීසි කිරීමට ලබාදී තිබූ බවයි.

ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිස් කොස්තාපල්වරයා පූඩළුඔය පොලීසියට අනුයුක්තව රාජකාරී කරන අයෙකු බවත්, ත්‍රිරෝද රථ රියදුරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණ වී තිබෙනවා.