විද්‍යා පීඨ පත්වීම් 4000 නීතිවිරෝධී බවට ගුරු සංගම්වලින් චෝදනා

Monday, 09 September 2019 - 7:31

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+4000+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පත්වීම්ලාභීන් 4000කට වැඩි පිරිසකට පත්වීම් ප්‍රදානය කර ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටීන් උල්ලංගණය කරමින් බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ සිදුකෙරුණා.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ඉහළ ඉසෙඞ් ලකුණු ලබා ගත් උසස් පෙළ සමත් සිසුන්ට මේ හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇති බවයි.

මේ අතර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන දස දහසක වියදමින් ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනකදී සිසු අයිතියට පැවරීම අද සිදුකෙරෙනවා.

එහි ජාතික උත්සවය කහතුඩුව - වෙනිවැල්කොළ ශිෂේ්‍යාදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනයේදී පැවැත්වෙන අතර, ඒ යටතේ ප්‍රතිලාභ හිමි පාසල් සංඛ්‍යාව 9064ක්.