සරසවි අනධ්‍යයන සේවකයන් හෙට සිට වර්ජනයේ

Monday, 09 September 2019 - 7:33

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

තම වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සියළු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් මෙලෙස අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි එම එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් කියා සිටියේ.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට මීට පෙර තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ලබාදුන් විසඳුම් සම්බන්ධයෙන් අද රැස්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු කියා සිටියේ.

මේ අතර වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින් හෙට සහ අනිද්දා වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.