ජගත් මානව හිමිකම් සමුළුවේ 42 වන සැසිය අද ඇරඹේ

Monday, 09 September 2019 - 7:40

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+42+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

අදාළ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරයකින් අනතුරුව එම වාර්තාව සකස් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, යුද අපරාධ සහ යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරයේදී අදහස් පළ කිරීමට අපේක්ෂා කරන බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.