හෙරොයින් සමඟ හත්දෙනෙකු අත්අඩංගුවට

Monday, 09 September 2019 - 8:07

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් හත්දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාවින්න වටරවුම අසළදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මහා පරිමාණ ලෙස ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකරන බවට ලද තොරතුරක් මත මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදියි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී මෝටර් රථය තුළ කුඩා ළමයින් දෙදෙනෙකු සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 240 ක් සහ හෙරොයින් ජාවාරමෙන් ඉපයූ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

මේ අතර පෑලියගොඩ ප්‍රදේශයේදීද හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම කෙසෙල්වත්ත - මීරානියා වීථිය ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂන මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 220 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.