Update - ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට ආබාධිත රණවිරුවන් විරෝධතාවක

Monday, 09 September 2019 - 10:47

Update+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
වැටුප් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටළු විසඳාදෙන ලෙස ඉල්ලමින් අද විශ්‍රාමික අබාධිත රණවිරුවන් පිරිසක් අද ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා නිරතවුණා.

ගාලු‍මුවදොර පිටිය ඉදිරිපිට සිට පා ගමනින් පැමිණීමෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස විරෝධතාවක නිරතවුණේ.

මේ හේතුවෙන් ගාලු‍මුවදොරට පිවිසෙන මාර්ගයද කොටුව ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.

අනතුරුව විරෝධතාකරුවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

------------------------------------------------------------------------------

රණවිරු පවුල්වල සාමාජිකයින් විරෝධතා පාගමනක MONDAY, 09 SEPTEMBER 2019 - 10:47

සමස්ත ලංකා දිවිපිදූ ආබාධිත රණවිරු එකමුතුව ගාලුමුවදොර පිටියේ සිට ආරක්ෂක අමාත්‍යාංශය දෙසට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආබාධිත රණවිරුවන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බව පවසමින්.