දුම්රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

Monday, 09 September 2019 - 10:56

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ තැපැල් දුම්රියෙන් ඇද වැටීමෙන් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අළුයම 5.50 ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අදාළ මගියා මෙලෙස දුම්රියෙන් ඇද වැට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල - නායබැද්ද වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

මේ අතර වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදී ද මගියෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොල්ගහවෙල සිට කොළඹ - කොටුව දක්වා ධාවනය වූ දුම්රියක අද උදෑසන 8 ට පමණ මෙම පුද්ගලයා ගැටී ඇති බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.