කේරළ ගංජා ප්‍රවාහනය කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

Monday, 09 September 2019 - 11:30

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සුඛෝපභෝගී කැබ් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සැකකරු සමඟ ඔහුගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සමෝදාගම ප්‍රදේශයේදියි.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ එකහමාරක් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තංගල්ල - විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රියදුරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ.

කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථයද ඔවුන් භාරයට ගෙන තිබෙනවා.