තවත් රක්ෂිතයක් ගිනි ගනී

Monday, 09 September 2019 - 11:33

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92++%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වැල්ලවාය මල්වත්තාවල රක්ෂිතයේ ඊයේ (8)දහවල් හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට යුද හමුදාව සමත්ව තිබෙනවා.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර සියක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි සදහන් වන්නේ.

මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය විසින් යුද හමුදාව දැනුවත් කිරීමෙන් පසු  කුඹුක්කන එකසිය විසි එක් වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් පැමිණීමෙන් අණතුරුව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා යුද හමුදාවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

පොලිසිය සැක පල කරන්නේ කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිණි තබන්නට ඇති බවයි.