කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා දක්වා රිමාන්ඩ්

Monday, 09 September 2019 - 12:49

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+20+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, පොලිස් නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලවයි.

දැනට මොහු වසර 06ක බරපතල වැඩ සහිත සිරදඩුවම් විදිමින් සිටිනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ කෙසෙල්වත්ත පොලිසියට අනියුක්ත කොට්ඨාශ වැටලීම් ඒකකය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 07 වනදායි.

එම අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඊට අදාල නඩුව අද කැදවනු ලැබුවා.

එහිදී අදාල හඩ පට රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ පොලිස් නිලධාරියෙකුට මෙලෙස තර්ජනය කිරීම වරදක් වන බැවින් කංජිපානි ඉම්රාන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.