වැදගත් වන්නේ පුද්ගලයා පමණයි - ගම්මන්පිල

Monday, 09 September 2019 - 12:58

%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පක්ෂයවත්, ලකුණවත් නොව පුද්ගලයා පමණක් බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති හෙයින් අනෙක් අයට ඇත්තේ සහය දෙනවාද නැද්ද යන්න පමණක් තීරණය කිරීම බව ඔහු එහිදී ප්‍රකාශ කළා.