ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනපති කොමිසමට

Monday, 09 September 2019 - 12:59

%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, 2015 - 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලෙන ජනපති කොමිසමට අද පැමිණියා.

ඒ මහපොළ භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම කොමිසමට කර ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අදාළ වංචාව සිදුව ඇතැයි පැවසෙන සමයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මහපොල භාරකාර මණ්ඩලයේ භාරකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

කොමිසම හමුවේ අද පෙනී සිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, විනාඩි 10ක කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නද ඒවා සනාථ කිරීමට අවශ්‍ය කරන ලේඛන නොමැතිවීම හේතුවෙන් වෙනත් දිනයකදී සාක්ෂි ලබාදෙන ලෙස කොමිසම අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සාක්ෂි සනාථ කිරීමට අවශ්‍ය ලේඛන සමග ලබන 17 වනදා පෙනීසිටින ලෙසයි අමාත්‍යවරයාට කොමිසම දැනුම්දී ඇත්තේ.