ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලස් ලබාගැනීමේ නඩුවේ සාක්ෂි ලබාගැනීම හෙට

Monday, 09 September 2019 - 13:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
රුපියල් මිලියන 20ක් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි කැදවනු ලැබුවේ.

එහිදී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට අදාල සංශෝධිත චෝදනා පත්‍රයක් අධිකරණ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. විත්තියේ නීතිඥවරු සඳහන් කළේ සංශෝධිත චෝදනා පත්‍රය පිළිබඳව කරුණු අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසටයි.

විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමකට අනුව නඩුවේ සාක්ෂි විභාගය හෙට දිනය දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී එහි පැමිණිලිකාර ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාගරාජා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අධිකරණය නියෝග කළේ මෙම සිද්ධියට සම්බන්ධ දුරකතන සංවාදය ඇතුලත් ඔහු සතුව තිබෙන ජංගම දුරකතන දෙක හෙට දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

2018 වසරේ මැයි මස 09 වනදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව චෝදනා 24ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස 46 දෙනෙකු නම් කර තිබෙනවා.

ලේඛණ 41ක් ද සාක්ෂි වශයෙන් නඩුවට අදාලව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.