සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ඩී.බී හේරත් පත්කෙරේ

Monday, 09 September 2019 - 17:25

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%93.%E0%B6%B6%E0%B7%93+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඞී.බී. හේරත්ගේ නම ඇතුළත් ගැසට් නිවේදනය ද අද නිකුත් කෙරුණා.

සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් පසු කුරුණෑගල නිදහස් සන්ධාන ලැයිස්තුවේ මීළඟට වැඩි ඡන්ද ලබාගෙන තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයි.

කෙසේ වෙතත්, සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මියයන අවස්ථාවේදී ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී ඞී.බී. හේරත් අදාල පුරප්පාඩුවට සුදුසුකම් ලබා ගෙන තිබුණා.

එහෙත්, පසුව ශාන්ත බණ්ඩාර මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වීමට අවශ්‍ය බව පවසමින් පසුගිය අගෝස්තු මස 07 වැනිදා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු කියා සිටියේ ඒ සඳහා තමන් පත් නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.