අන්තරේ දෙදරයි - පෙරටුගාමී ජනපති අපේක්ෂක, දුමින්ද නාගමුව

Monday, 09 September 2019 - 17:33

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව නම් කර තිබෙනවා.

ඔහුගේ නම ප්‍රකාශය පත් කරනු ලැබුවේ කොළඹ නව නගර ශාලාවේදී අද පැවති සම්මන්ත්‍රණයකදියි.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ඔහු, 2015 ජනාධිපතිවරණයට ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් තරඟ කළා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එහි හිටපු කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීම මත ඊයේ පැවති නිළවරණයේදී මෙම පත් කිරීම සිදුකළ බවයි.

කෙසේ වෙතත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු තවත් විශ්වවිද්‍යාල කිහිපයක් මෙම පත් කිරීමට විරෝධය පළ කළ බව මහීල් බණ්ඩාර දෙහිදෙනිය සඳහන් කළා.