හෙටින් පසු මැතිවරණ කොමිසමට බලය

Monday, 09 September 2019 - 19:02

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට සිට බලය පැවරෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 17 දෙනෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත්වන බවට මේ වනවිට දැනුම්දී ඇති බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, මෙවර ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයින් ලක්ෂ 2ක් පමණ ලියාපදිංචි වී සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එහිදී සඳහන් කළේ.