විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වර්ජනයක

Tuesday, 10 September 2019 - 7:29

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්, සමස්ත ලංකා සුවසේවා සංගමයට අයත් හෙද හෙදියන් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිළධාරීන් අද වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත්තේ වැටුප් විශමතා ගැටළුවක් මුල් කර ගනිමින්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කළේ දිවයින පුරා සියළුම විශ්වවිද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළ බවයි.

මේ අතර, ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින්  සමස්ත ලංකා සුවසේවා සංගමය ද අද දිවයින පුරා සියලූ රෝහල්වල පැය 04ක සංකේත වර්ජනයක් සිදුකිරීමට නියමිතයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ ප්‍රකාශ කළේ අද පෙරවරු 08 සිට මධ්‍යහ්න 12 දක්වා එම වර්ජනය සිදුකරන බවයි.

සේවක හිඟය පියවීම, ස්ථාන මාරුවීම්, උසස්වීම් දීමනා, පුහුණුවීම් පිළිබඳ ගැටලූ විසදා ගැනීම ඇතුළු ඉල්ලීම් ඒ අතර වන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින් අද සහ හෙට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.