ඩී.බී. හේරත්ගේ පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු පා.ම. ශාන්ත බණ්ඩාර කියයි

Tuesday, 10 September 2019 - 7:36

%E0%B6%A9%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඞී.බී. හේරත් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටයුත්තක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසනවා.

සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් පසු කුරුණෑගල නිදහස් සන්ධාන ලැයිස්තුවේ මීළඟට වැඩි ඡන්ද ලබාගෙන තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයි.

කෙසේ වෙතත්, සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මියයන අවස්ථාවේදී ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී ඞී.බී. හේරත් අදාල පුරප්පාඩුවට සුදුසුකම් ලබා ගෙන තිබුණා.

එහෙත්, පසුව ශාන්ත බණ්ඩාර මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වීමට අවශ්‍ය බව පවසමින් පසුගිය අගෝස්තු මස 07 වැනිදා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

කෙසේ වෙතත්, එච්.එම්.ඞී.බී. හේරත් එම මන්ත්‍රී ධුරය සඳහා පත් කරන බවටයි ගැසට් නිවේදනයක් මගින් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණේ. එම පත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කර ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.