වත්තල, රාගම සහ කිරිබත්ගොඩ බිය වැද්දූ සොරුන් අල්ලයි

Tuesday, 10 September 2019 - 7:38

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වත්තල, රාගම, කිරිබත්ගොඩ, කැළණිය සහ තවත් ප්‍රදේශ කිහිපයක ජනතාව බිය වද්දමින් නිවෙස් කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනවල එලෙස නිවෙස් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පසුව පොලීසියට භාර දී තිබුණේ ද මෙවන් පසුබිමකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ලක්ෂ 17ක් පමණ වටිනා රන් භාණ්ඩ, මුදලින් රුපියල් ලක්ෂ 4ක් සහ තවත් වටිනා විදුලි උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

ඔවුන් විසින් අදාළ ප්‍රදේශවල ගෙවල් 15කට වැඩි සංඛ්‍යාවක් කොල්ල කා ඇති බවටයි දැනට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් රාගම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නමගිය අපරාධකරුවන් කිහිප දෙනෙකු ද සිටින බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.