බෝරා සමුළුව අවසන්

Tuesday, 10 September 2019 - 7:42

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ලොව වෙසෙන බෝරා ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පැවති 2019 ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන් වනවා.

පසුගිය 1 වන දා සිට දින 10ක කාලයක් මෙම සමුළුව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියෙහි පවත්වනු ලැබුවා.

රටවල් 40 ක අධ්‍යාත්මික නායකයින් ඇතුළු නියෝජිතයින් 21,000 ක් පමණ මෙම සමුළුව සඳහා සහභාගි වූ අතර මෙවර එහි තේමාව වූයේ ශ්‍රී ලංකාව ඔබ අප විශ්වාස කරනවා යන්නයි.

බෝරා සමුළුව හේතුවෙන් කොල්ලූපිටියේ සිට දෙහිවල දක්වා මෙන්ම මොරටුව ආශ්‍රිතව ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය පියවර ගනු ලැබූ අතර, සමුළුව හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණා.