මහ මඟ කසල දැමූ පොලිස් කොස්තාපල් සහ රියදුරු රිමාන්ඩ්

Tuesday, 10 September 2019 - 8:16

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
නාවලපිටිය - දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසල අඩංගු බෑගයක් දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා සහ ඒවා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය  7 වන දා මෙම පොලිස් කොස්තාපල්වරයා ආපනශාලා හිමිකරුවෙකුගේ වුවමනාව මත අදාළ කසල බෑගය ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මහ මඟ දමාගොස් තිබුණා.