නිශ්ශංක සේනාධිපති ඇතුළු 13 දෙනෙකුට අධි චෝදනා යටතේ නඩු

Tuesday, 10 September 2019 - 12:12

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ඇවන්ගාඞ් සිද්ධියට අදාළව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා විසින් අද ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න කියා සිටියේ චෝදනා 7573 ක් යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාගේ ඉල්ලීම මත දැනටමත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

මේ අතර, පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා ලබන 19 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වාගේ නියෝගයකට අනුවයි. සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

පාතාල සාමාජික ආනමාලූ රංග සහ මොහොමඞ් ඉම්රාන්, අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබුුණේ පසුගිය මස 16 වනදායි.