අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ පොලීසියේම ගිනි අවියකින්

Tuesday, 10 September 2019 - 12:40

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තැබූ ටී - 56 වර්ගයේ ගිනි අවිය පසුගිය දා පානදුර - උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ගිනි අවි දෙකෙන් එකක් බවට හෙළි වී තිබෙනවා.

අංක තහඩු නොමැතිව ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ලූහුබැඳ ගිය අකුරැස්ස පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත් 5 වන දා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා.

ඉන් දෙදෙනෙකු දැනට යුද හමුදාවේ සේවය කරන සෙබලූන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් ගමන් ගත් යතුරුපැදිය ද සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් තුන්දෙනාගෙන් එක් අයෙකු දැනට පානදුර යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව සඳහන්.

මොවුන් අකුරැස්ස - පෝරුතොට ප්‍රදේශයේ සූදු පොළක් කොල්ල කෑමට යමින් සිටියදී මෙලෙස පොලීසියට වෙඩි තබා ඇති බවටයි හෙළි වී ඇත්තේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සඟවා තිබූ ටී - 56 වර්ගයේ අවි දෙකක්, මැගසින් දෙකක් සහ සජීවි පතොරොම් කිහිපයක් ද සොයා ගැනුණා. පසුව කළ විමර්ශනවලදී හෙළි වුණේ අදාළ ගිනි අවි මීට පෙර පානදුර උතුර පොලීසියෙන් අස්ථාන ගත වූ ගිනි අවි බවයි.

ඒ අනුව ඒවා සොරකම් කළ හමුදා සෙබලා අකුරැස්ස පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලූයම පානදුර - නල්ලරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ද පානදුර යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බවටයි හෙළි වී ඇත්තේ.

මොහු පසුගිය ජුලි මස 6 වන දා පානදුර - උතුර පොලිස් ස්ථානය ඉදිරිපිට නතර කර තිබූ පොලිස් ජීප් රථයේ තිබී අදාළ ගිනි අවි සොරාගෙන පසුව ඒවා අසළ තිබූ කාණුවක සඟවා තබා තිබෙනවා.

ඉන් අනතුරුවයි ඒවා සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පුද්ගලයින්ට අලෙවි කර ඇත්තේ.

මෙම ගිනි අවි අස්ථානගත වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා.

එමෙන්ම, සිද්ධියට අදාළව මීට පෙර පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණේ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්වයි.

මේ අතර, ගාල්ල - තලාපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද අලූයම ගෙළ සිරකර තියුණු ආයුධවලින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ අදාළ ව්‍යාාරිකයාගේ ඥාතියෙකු වන 65 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය ද ඔහු විසින් වෙනස් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලින්  හෙළි වී තිබෙනවා.