වර්ජන රැසකින් රාජ්‍ය සේවය අඩපණ වෙයි - ගමන් බලපත් සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් බාධා

Tuesday, 10 September 2019 - 12:45

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහ විශ්ව විද්‍යාල අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩලය දියත් කර ඇති වර්ජන හේතුවෙන් රාජ්‍ය ආයතනවල කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා.

වැටුප් විෂමතා මුල් කරගනිමින් අද සිට දෙදින වර්ජනයක නිරත වන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ආගමන විගමන, විශ්‍රාම වැටුප්, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා හැඳුනුම්පත් නිකුත් කිරීම මෙන්ම ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද බාධා එල්ල වී තිබෙනවා. සිය ඉල්ලීම් සතියක් තුළ විසඳුමක් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, 2016 අය - වැය ලේඛනයට අනුව පැන නැගී ඇති වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාලවල අනධ්‍යන හා පරිපාල කාර්ය මණ්ඩලය ද අද අඛණ්ඩ වර්ජනයක්   ආරම්භ කළා.

වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව සිදුකරන මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ  සියලූම විශ්වවිද්‍යාලවල අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, ඉල්ලීම් 10 මුල්කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය ද අද දිවයින පුරා සියලූ රෝහල් වල පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක සංකේත වර්ජනයක නිරත වුණාා.

මේ අතර, පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට දී විරෝධතා බැනරයකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.