පළාත් සභා මන්ත්‍රී වාහන දීමනාව කැබිනට්ටුවෙන් යළි විසිවේ

Tuesday, 10 September 2019 - 12:52

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලමින් පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කර තිබූ යෝජනාවට අද දෙවන වරටත් අනුමැතිය හිමි වූයේ නැහැ.

මෙම යෝජනාව මුල්වරට පසුගිය 03 වනදා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ නමුත් ඊට මුදල් අමාත්‍යවරයා විරුද්ධ වීම හේතුවෙන් එය සලකා බැලීම කල් දමනු ලැබුවා.

අද දිනයේදීත් යෝජනාව යලි සලකා බැලූණු අවස්ථාවේ අමාත්‍යවරුන් පිරිසක් ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ට ඇමරිකානු ඩොලර් 35,000ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙනවා.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ලබාදිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින්ම ඉදිරිපත් කළ තවත් යෝජනාවක් සලකා බැලීම අමාත්‍ය මණ්ඩලය පසුවට කල්දමා තිබෙනවා.