පළාත් 4 කට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අකුණු ඇති වීමේ අවදානමක්

Tuesday, 10 September 2019 - 13:59

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි.

එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං අපේක්ෂා කරන බව එම නිවේදනයේ සදහන්.