නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ සිව් දෙනෙකු නාවික හමුදා භාරයට

Tuesday, 10 September 2019 - 15:15

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මන්නාරම - පේසාලේ මුහුදු ප්‍රදේශයේදී වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානය ඊයේ සිදුකළ මුර සංචාරයකදියි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

ඔවුන් අවුරුදු 20 සහ 34 වියේ පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක්.

එහිදී මෙම ධීවරයින් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.