වවුනියාවේ ප්‍රදේශ කිහිපයකට හෙට සිට ජල කප්පාදුවක්

Tuesday, 10 September 2019 - 17:01

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හෙට සිට දිනපතා උදෑසන පහේ සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 9 දක්වාත් කාලය තුළ වවුනියාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව තේක්කවත්ත, වයිරව - පුලියන්කුලම්, වවුනියාව නගරය, යාපන පාර, රම්බෙකුලම්, කුඩිඉරිප්පු, සුසෙඞ් පිල්ලෙයාර් කුලම්, මදවි චෛත්‍යකුලම්, තෝනික්කල්, කොයිල්කුලම්. මෙලික් කුලම්, අම්බලන්ගොඩැල්ල, මඩුකන්ද සහ දකුණු ඉලෙප්පෙකුලම් යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශවල ජල මට්ටම් පහත බැසීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.