පොළොන්නරුවට නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක්

Tuesday, 10 September 2019 - 17:06

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ - කොටුවේ සිට පොළොන්නරුව දුම්රිය ස්ථානය දක්වා පුලතිසි නමින් නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් දිනපතා ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දුම්රියේ මංගල ගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.05 ට ආරම්භ කිරීමට නියමිතයි.

මෙම දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරණ සහ හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල පමණක් නතර කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පස්වරු 3.05 ට කොළඹ කොටුවෙන් පිටත්වන පුලතිසි සීඝ්‍රගාමී දුම්රිය රාත්‍රි 7.47 ට පොළොන්නරුවට ළඟාවීමට නියමිතව තිබෙනවා.

පසුදින අලූයම 3.45 ට ගමන් ආරම්භ කරන එම දුම්රිය පෙරවරු 9.08 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.