කැබිනට් ඇමතිවරුන් 8 ක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Tuesday, 10 September 2019 - 20:59

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාව හමුවේ අද පැමිණිල්ලක් ගොනු කළා.

එම ආයතනය පෙන්වා දෙන්නේ වත්කම් ප්‍රකාශන නීතියට අනුව සියලූම කැබිනට් අමාත්‍යවරුන්, ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බවයි.

ඒ අනුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම් කර ඇතත් 2019 අගෝස්තු 20 වන විට කැබිනට් ඇමතිවරුන් 08 දෙනෙකු තම වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දී තිබෙනවා.

කැබිනට් අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේ්ෂන් සහ එම්.එච්.ඒ.හලීම් යන අමාත්‍යවරුන් එම පිරිසට අයත්.

ඒ අනුව අදාළ කැබිනට් අමාත්‍යවරු 08 දෙනාට එරෙහිව වත්කම් බැරකම් ප්‍රකාශන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇති එකම ආයතනය වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි ගොනු කර තිබෙනවා.