ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභයි

Wednesday, 11 September 2019 - 13:45

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BA%E0%B7%92
ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී, දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර මතයෙන්.

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ චෝදනා පෙළ ගැස්මට එරෙහිවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ.

මැදමුලන - ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය දා තීරණය කළා.