පිටි මිල අඩු නොකරන බව ප්‍රීමා සමාගම කියයි

Wednesday, 11 September 2019 - 20:03

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම සිය අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ ඒජන්තවරුන් 200 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.

තිරිඟු පිටි මිල පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5යි ශත 50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කළා.

ඒ තිරිඟු පිටි සඳහා රුපියල් 87 ක උපරිම සිල්ලර මිලක් පනවා ඇති පසුබිමකයි.

පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව ග්‍රෑම් 450ක් වන පාන් ගෙඩියක මිලද රුපියල් 2 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගත්තා.

කෙසේ වෙතත් ඊයේ පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී  තිරිඟු පිටි මිල යළි පහල දැමීමට සමාගම් එකඟ වූ බව අමාත්‍ය පීග හැරිසන් මහතා සඳහන් කළා.

වැඩි කළ තිරිඟු පිටි මිල ගණන් පහල දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අදාල සමාගම් සිය අලෙවි ඒජන්තවරුන්ට අද දැනුම්
දී තිබෙනවා.

ප්‍රීමා සමාගමේ නියෝජිතයෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම සහ ආයනික තිරිඟු මත පනවා ඇති බදු ප්‍රමාණය ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.

බදු අඩු කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නම් තිරිඟු පිටි මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ තම අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ නැංවීමට සමාගම් ගත් තීරණය නීතිවිරෝධී බවයි.

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන ඒජන්තවරුන්ට සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එලෙස තිරිඟු පිටි අලෙවි කළ ඒජන්තවරු 200 කට වැඩි පිරිසකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.