කල් මරන්න එපා - ඒකාබද්ධ විපක්ෂයෙන් නිදහස් පක්ෂයට අවවාදයක්

Wednesday, 11 September 2019 - 19:57

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කල්මැරීමෙන් වැළකී නිදහස් පක්ෂය තීරණයකට පැමිණිය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ නිදහස් පක්ෂය නව සන්ධානයේ ලකුණ පිළිබඳව ගැටළුවක් ඇති කර නොගත යුතු බවයි.