එජාපයේ නායකයින්ට බලාසිටීමට සිදුව ඇතැයි මනෝ කියයි

Thursday, 12 September 2019 - 7:17

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කළ පමණින් ඔහුට සහය දැක්වීමට සූදානම් නොමැති බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

අපේක්ෂකයෙකු නම් නොකිරීම හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට බලා සිටීමට සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ.  

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලි මාලාවේ මීළඟ ජනරැලිය රත්නපුර නගරයේදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව මාතලේ, පුත්තලම සහ මොණරාගල නගරවලද ජන රැළි පැවැත්වීමටයි එම පාර්ශවය සැළසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුකරන තුරු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හෝ රැස්වීම් පැවැත්වීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා.