මියගිය මවගේ දේහය රැගෙන ගිය බව කියන පුතෙකු අතුරුදන්

Thursday, 12 September 2019 - 7:22

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
වටවල - විග්ටන් වතුයායේ පදිංචිව සිට නිවසේදි මියගියේ යැයි කියන 81 හැවිරිදි මවකගේ සිරුර සිය එකම පුත්‍රයා විසින් ත්‍රිරෝද රථයක දමාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ බිරිඳ වන ආර්. විශ්වා ගෞරවී කියා සිටියේ මවගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නොහැකි බැවින් සිරුර කැළයට විසිකරන බව පවසා සිය පුත්‍රයාද සමඟින් මීට සතියකට පමණ පෙර ඔහු නිවසින් පිටව ගිය බවයි.

එහෙත් මේ දක්වා කිසිදු තෙරතුරක් නොමැති අතර, පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි