ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

Thursday, 12 September 2019 - 7:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9C%E0%B7%9D+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
දෙදින  නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි ටෝගෝ රාජ්‍යයේ ජනාධිපති පවුරේ එසෝම්නා එනාසිංබේ (Faure Essozimna Gnassingbé) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබෙනවා.

ඊයේ (11) සවස ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ ටෝගෝ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රැකුලක් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ටෝගෝ ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.