අද සහ හෙට අකුරැස්ස - දෙනියාය මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

Thursday, 12 September 2019 - 8:03

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F
ගැටබරු රජමහා විහාරයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් අද සහ හෙට දිනයේදී දෙණියාය - අකුරැස්ස මාර්ගයේ ගමනාගමන කටයුතු සීමාකරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම දිනදෙකෙහි පස්වරු දෙකේ සිට රාත්‍රී 10  දක්වා කාලය තුළ මෙලෙස මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇති.

මේ අතර මෝදර රජමල්වත්ත මංසන්ධියේ සිට පන්සල මංසන්ධිය දක්වා මාර්ගය හෙට සහ මේ මස 16, 27 සහ 30 යන දිනයන්හි රාත්‍රී 10 සිට අලූයම පහ දක්වා වාහන ගමනාගමනය සඳහා සීමා කර තිබෙනවා.

ඒ, ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන්.