ගතවූ පැය 24 තුළ අනතුරුවලින් තුන්දෙනෙකු මරුට

Thursday, 12 September 2019 - 9:05

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ තුනක සිදුවූ අනතුරුවලින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දඹුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේදී ශ්‍රීලංගම බස් රථයක් සහ පාපැදියක් ඊයේ රාත්‍රියේ ගැටීමෙන් 53 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම මහියංගණය - පදියතලාව මාර්ගයේදී වෑන් රථයක කාන්තාවක් ගැටීමෙන් එම කාන්තාව බරපතල තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මීට අමතරව හංවැල්ල - ඌරාපොල මාර්ගයේ තිත්තපත්තර ප්‍රදේශයේදි මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී අවුරුදු 10 ක් වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.