නාවලපිටිය රෝහලේ බිළිඳියක දමා ගිය මව සොයා පරීක්ෂණ

Thursday, 12 September 2019 - 11:28

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳියක දමා පලාගිය මව සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගිය 31 වනදා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සිය තුන්වන දරුවා ප්‍රසූත කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝලට පැමිණ ඇති බවයි.

පසුව මව ඉකුත් 1 වනදා සිසේරියන් සැත්කමකින් එම බිළිඳා බිහිකර තිබෙනවා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බිළිඳිය නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කළ ඇති අතර පසුගිය 6 වනදා බැංකුවෙන් ඉල්ලූම් කළ ණය මුදලක් ලබාගැනීමට රෝහලෙන් බැහැරවීමට අවසර ඉල්ලා ලිපියක් බාරදී ඇය පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය මෙතෙක් රෝහලට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.