ගෝඨාභයට එරෙහිව අධිකරණ දෙකකින් ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය අත්හිටුවයි

Thursday, 12 September 2019 - 11:37

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇවන්ගාඩ් නඩුවට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියාචනාධිකරණය අද අත්හිටුවනු ලැබුවා.

ඒ මෙම අධිකරණ ලබාදුන් නියෝග අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් බිලියන 11 දශම 4ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ගෝඨභය රාජපක්ෂගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කර තිබූ අතර එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ නීතිිඥයන් එම තීරණයට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනු කර තිබූ අතර එයද මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ මෙම තීන්දුවලට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පසුව පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව ලබාදෙමිනුයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම පිලිගැනීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More